නායකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විශ්වාසභාංග යෝජනාව ජය ගැනිමට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේට හැකි වි තිබේ.
ඇයට පක්ෂව ඡන්ද 200ක් හිමිව ඇති අතර විපක්ෂව හිමි වී ඇත්තේ ඡන්ද 117ක් පමණක් වන අතර වැඩි ඡන්ද 80කින් විශ්වාසභංගය ජය ගැනීමත් සමග වසරක් යනතුරු ඇයගේ නායකත්වය යලි අභියෝගයට ලක් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය ගත් තිරණයක් සමඟ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ නායකත්වය සම්බන්ධයෙන් කන්සවේටිව් පක්ෂය තුළම විවේචන එල්ල විය.
ඒ අනුව පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඇයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඊයේ පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම පවත්වනු ලැබීය.




