ජපන් දින දර්ශනයේ මෙවර සලකුණ මෙන්න

Share

ජපන් දින දර්ශනයේ සෑම වසරක් වෙනුවෙන්ම ලබාදෙන සලකුණ අනුව, මෙවර ආපදා යන්න තෝරාගෙන තිබේ.

මෙසේ නම් කිරිමට හේතුව වි ඇත්තේ ජපානය වෙත ගෙවීයන වසරේ බලපෑ ගංවතුර, සුළි කුණාටු, භූ කම්පන, මෙන්ම දැඩි දාහය ආදී විවිධ පාරිසරික ආපදා තත්ත්වයන්ය.

ජපානයේ, කියෝතෝ නගරයේ වූ කියොමසු ආරාමයේදී මෙම සලකුණ නිල වශයෙන් නිරාවරණය කිරීම සිදුවන අතර,  නගරයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ ආගමික පූජකයන් විසින් මෙම සලකුණ ලිවීම සිදු කරනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ ආකාරයෙන් වසරේ සලකුණ තෝරාගැනීමේදී ජනතා ඡන්දය උරගා බැලීමක්ද ජපානය සිදුකරන අතර, එයට ලක්ෂ දෙකකට ආසන්න නියැදියක් ගෙන ඇති අතර, ඉන් විසි දහසකට වඩා වැඩි පිරිසක් ආපදා යන්න සලකුණට කැමැත්ත පළ කර තිබුණි.

Read more

Local News