ඇමරිකාව සහ රුසියාව අතර පවතින සබඳතා “අනතුරුදායක පහළ මට්ටමකට” – ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්

Share

ඇමරිකාව පැනවූ නව තහංචිවලට අනුව රුසියානු ඛනිජ තෙල් ව්‍යාපෘති සඳහා හවුල් වන ඇමරිකානු ආයෝජකයන්ට යෙදවිය හැකි මුදල් ප්‍රමාණය සීමා කෙරේ.
ඇමරිකානු ජනාධිපතිවරණයේ දී මැදිහත් වූ බවට චෝදනා එල්ලවන රුසියානු ජ්‍යෙෂ්ඨ බලධාරීන් ද මෙම සම්බාධකවලට ඉලක්ක වී තිබේ.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ගත් මෙම තීරණය හේතුවෙන් රුසියාව සමඟ නව සබඳතා ගොඩනගා ගැනීමට ජනාධිපති ට්‍රම්ප් දරන උත්සාහය තවත් සංකීර්ණ වීමට ඉඩ ඇති බව පැවසේ.

ඇමරිකාව සහ රුසියාව අතර පවතින සබඳතා “අනතුරුදායක පහළ මට්ටමකට” පැමිණ ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේබව කියා සිටියේ එක්සත් ජනපදයේ කොන්ග්‍රස් මණ්ඩලය විසින් රුසියාවට අලුතින් සම්බාධක පනවනු ලැබීමෙන් අනතුරුව ය.
මේ අතරතුර රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වේදෙෆ් ප්‍රකාශ කළේ ඇමරිකාව විසින් අලුතින් පනවන ලද සම්බාධක, රුසියාවට එරෙහිව “පූර්ණ පරිමාණයේ වෙළඳ යුද්ධයක්” ප්‍රකාශයට පත්කිරීම හා සමාන බවය.
කොන්ග්‍රසය විසින් තමන්ව අවමානයට ලක් කරන ලද බව පවසමින් අදාළ නිර්දේශයට අත්සන් තැබූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බෙලහීනතාවය අනූන ලෙස පෙන්නුම් කර ඇති බව ද ඔහු තවදුරටත් පැවසීය.
නව සම්බාධක පනවා “වැඩි හපන්කම් පෙන්වීමට ගොස් වැඩ වරද්දා ගන්නා” බවට ජනාධිපති ට්‍රම්ප් කොන්ග්‍රසයට චෝදනා කළේය.

ඇමරිකාව පැනවූ නව තහංචිවලට අනුව රුසියානු ඛනිජ තෙල් ව්‍යාපෘති සඳහා හවුල් වන ඇමරිකානු ආයෝජකයන්ට යෙදවිය හැකි මුදල් ප්‍රමාණය සීමා කෙරේ.
ඇමරිකානු ජනාධිපතිවරණයේ දී මැදිහත් වූ බවට චෝදනා එල්ලවන රුසියානු ජ්‍යෙෂ්ඨ බලධාරීන් ද මෙම සම්බාධකවලට ඉලක්ක වී තිබේ.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ගත් මෙම තීරණය හේතුවෙන් රුසියාව සමඟ නව සබඳතා ගොඩනගා ගැනීමට ජනාධිපති ට්‍රම්ප් දරන උත්සාහය තවත් සංකීර්ණ වීමට ඉඩ ඇති බව පැවසේ.

නව සම්බාධක සහිත පනතින් රුසියාවට අමතරව ඉරානය සහ උතුරු කොරියාවට ද තහංචි පනවා තිබේ. මේ පිළිබඳව ඉරානය ප්‍රකාශ කර ඇත්තේ නව තහංචි මාලාව මගින් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කෙරෙන අතර ඊට “ප්‍රමාණාත්මකව සහ සුදුසු ආකාරයට” ප්‍රතිචාර දක්වන බවය.

නව සම්බාධක සහිත පනතින් රුසියාවට අමතරව ඉරානය සහ උතුරු කොරියාවට ද තහංචි පනවා තිබේ.
මේ පිළිබඳව ඉරානය ප්‍රකාශ කර ඇත්තේ නව තහංචි මාලාරුසියානු අගමැති දිමිත්‍රි මෙද්වේදෙෆ් තම ෆේස්බුක් පිටුවේ සඳහනක් කරමින් තවදුරටත් පවසන්නේ ඇමරිකාවේ නව පාලනය සමඟ සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාව අවසන් වන බවය.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පණවන ලද නව සම්බාධක සම්බන්ධයෙන් රුසියාව එකට එක කිරීමේ ප්‍රතිචාරයක් පසුගියදා දැක්වීය.
මොස්කව් අගනුවර පිහිටි තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස 455 දක්වා අඩුකරන මෙන් ඇමෙරිකාවට දැනුම් දුන් රුසියාව, තානාපති කාර්යාලයට අයත් ඇතැම් දේපොළ පරිහරණය කිරීම ද තහනම් කළේය.
යුක්රේනයේ කොටසක්ව තිබූ ක්‍රිමියාව 2014 දී රුසියාව විසින් පවරාගනු ලැබීම ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව නව සම්බාධක පැණවීමට එක හේතුවකි.
ඇමෙරිකාව එම සම්බාධක නිවේදනය කළේ 2016 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ගේ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙබ් අඩවිවලට රහසිගතව ඇතුළුවීමේ චෝදනාව මත ජනාධිපති බරක් ඔබාමා ගේ පරිපාලනය විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් මාස කිහිපයකට පසුවය.ව මගින් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම උල්ලංඝනය කෙරෙන අතර ඊට “ප්‍රමාණාත්මකව සහ සුදුසු ආකාරයට” ප්‍රතිචාර දක්වන බවය.
උතුරු කොරියාව තවමත් ප්‍රතිචාර දක්වා නොමැත.

Read more

Local News