තවත් අලියෙක් මරුට

ඊයේ (12)  රාත්‍රීයේ  කන්තලේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ වාන්ඇල ප්‍රදේශයේ විදුලිසැර වැදීමෙන් වන අලියෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

වාන්ඇල ගම්නයේ ගෙවත්තක වැටකට ඇද තිබු අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම වන අලියාට විදුලියසැර වැදී ඇති බවට වාර්තා වෙයි.

කොහොඹ අත්තක් කඩා දමා විදුලි වැට විනාශ කරමින් මිය ගිය වන අලියා මෙම ප්‍රදේශයට පැමිණ ඇති බවට අනාවරණ වී තිබේ.

මිය ගිය වන අලියා අවුරුදු 40ක පමණ වයසක පසුවන බවත් උස අඩි 09 යුක්ත බවත් වනජීවි නිලධාරීන් සදහන් කරයි.

අදාළ ගෙවත්තේ ගිමිකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අද (13) දින වන අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාන්ඇල පොලිසිය සහ කන්තලේ වනජීවි කාර්යාලයේ නිලධාරීන්  විසින් සිදු කරනු ලැබේ.

Exit mobile version