සාගරයේ අම්ල සාන්ද්‍රණය ඉහළ යාම සමුද්‍ර ජීවිතයට බරපතළ බලපෑමක්

Share

නවීන සමාජය විමෝචනය කරන කාබන්ඩයොක්සයිඩ් වායුව එන්න එන්නම ඉහළ යාම මගින් සමුද්‍ර ජීවිතයට බරපතළ බලපෑම් එල්ල විය හැකි බවට ඉහළ පෙළේ පර්යේෂණයක් මගින් අනතුරු ඇඟවීමට නියමිතය.

විශේෂයෙන්ම මේ තත්ත්වය මගින් ළදරු සාගර ජීවීන්ට බරපතළ හානියක් සිදු කරන බව ද විද්‍යාඥයන් 250 කට වැඩි පිරිසක් වසර අටක් මුළුල්ලේ කරන ලද පර්යේෂණයේ නිගමනය වී තිබේ.

මිහිතලය රත්වීම, පරිසර දූෂණය, වෙරළාසන්න සංවර්ධන කටයුතු, සීමාව ඉක්මවා මසුන් ඇල්ලීම සහ කෘෂි රසායන හේතුවෙන් අම්ල සාන්ද්‍රණය ඉහළ යාමේ බලපෑම තවත් උත්සන්න වනු ඇති බව ද පර්යේෂණයෙන් හෙළිදරව් වේ.

පොසිල ඉන්ධනවලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මුහුදු ජලයේ දිය වී, කාබනික අම්ල නිෂ්පාදනය කිරීම හේතුවෙන් මුහුදු ජලයේ පීඑච් (pH) අගය පහළ වැටේ.

Read more

Local News