මෝදිට එරෙහි පෙත්සම අධිකරණය නිශ්ප්‍රභ කරයි

Share

ඉන්දීය අගමැතිවරයා ප්‍රමුඛ රජයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ ගුවන්යානා මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ලද චෝදනා යටතේය.

ප්‍රංශ සමාගමකින් රෆාලේ ජෙට් යානා මිලදීගැනීමේදී සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන ආ පෙත්සමක් නිශ්ප්‍රභ කර තිබේ.

අදාළ ගිවිසුම පිළිබද කිසිදු සැකසහිත ස්වභාවයක් නොමැති බව මෙම තීන්දුව ලබාදෙමින් උපරිමාධිකරණය තීන්දු කර තිබුණි.

තිදෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලකින් ලබාදුන් අදාල තීන්දු සැලකෙන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය ලැබූ ජයග්‍රහණයක් ලෙසයි.

ගිවිසුමට එළඹීමේදී ඉන්දීයාවේ රෙලයින්ස් ඩිෆෙන්ස් ආයතනය සමග ගිවිසුම්ගතවන ලෙසින් අදාළ සමාගමට ඉන්දීය අගමැතිවරයා බල කළ බවට එවක ප්‍රංශ ජනාධිපතිවරයා වූ ෆ්‍රාන්කෝස් හොලන්ඩි පසුගිය සැප්තැම්බරයේ දී නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

Read more

Local News