ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක්

ඊයේ (13) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් නොවන පිරිසක් විසින් මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශයන් පක්ෂයේ කිසිදු අනුදැනුමකින් තොරව සිදුකර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ඊයේ දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් හා ඉන් පසුව පැවති සාකච්ජා පිලිබදව මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන් මග පිලිබදව පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෝ පක්ෂ නායකත්වය ගනු ලබනා තීන්දු තීරණ ඉදිරියේදී දැනුම් දෙන බවට මහින්ද සමරසිංහ මන්ත්‍රිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

Exit mobile version