මහින්ද ඉල්ලා අස්වෙයි

තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අමතා ප්‍රකාශ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සමඟ අද(15) පෙරවරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳ දැනුම් දුන් බවයි ඔවුන් මාධ්‍යයට ප්‍රකාශ කළේ.

එ් අනුව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇත.

Exit mobile version