කැනඩාව පෙන්වා මුදල් ගැරූ කතක් දැලේ

මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ(17) අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතව සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version