බෙලිඅත්තේ වෙඩි තැබීමක්

බෙලිඅත්ත, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී ඊයේ(18) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මාර්ගයේ සිටි තරුණයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි බෙලිඅත්ත, මහහීල්ල ප්‍රදේශයේ පදිංචිව තරුණයෙකි.

බෙලීත්ත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version