ලෝකයේ විශාලම දියමන්තිය වෙන්දේසි කිරීමට නියමිතයි

කැරට් 163.4ක් වන ලෝකයේ විශාලම දියමන්තිය වෙන්දේසි කිරීමට සූදානම් වේ. 2016 වසරේදී ඇන්ගෝලාවේ නැගෙනහිර ප්‍රදේශයේ සිදු කළ කැනීම් වලදී මෙම දියමන්තිය සොයාගනු ලබයි.

එය ලබන මස 14 වනදා ජිනීවාහිදී වෙන්දේසී කිරීමට නියමිතය. එම වර්ගයට අයත් දියමන්තියක් වෙන්දේසියට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය ලෙස සැළකේ.

කපා ඔපමට්ටම් කරන ලද මෙම දියමන්තිය ජිනීවාහිදී වෙන්දේසි කිරීමට පෙර හොංකොං, නිව්යොර්ක් හා ඩුබායි හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

Previous articleශ්‍රී ලංකාව ලෝකයේ සියලු රටවල් සමඟ මිත්‍රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කරනවා – ජනපති
Next articleදූෂණ ක්‍රියා මැඬලීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක්