ශ්‍රි පාද වන්දනා සමය හෙටින් අැරඹේ

ශ්‍රි පාද වන්දනා සමය හෙටින්(22) ආරම්භ වෙයි.

පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ඓතිහාසික ශ්‍රි පාද රජමහා විහාරයේ ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කිරීමේ පෙරහැර හෙට(22) අළුයම යෙදෙන සුභ මොහොතින් ආරම්භ වෙයි.

ශ‍්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් සදහන් කළේ ශ‍්‍රී පාද වන්දනා සමය පරිසර හිතකාමී ලෙස සිදු කරන මෙන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි.

Exit mobile version