O/L විභාගයේ ඇගයීම් කටයුතු ඉරිදා ආරම්භ වෙයි

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු ලබන ඉරිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

ජනවාරි පළවෙනිදා දක්වා එය ක්‍රියාත්මක වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

පාසල් 84ක් ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගෙන තිබෙන අතර ඇගයීම් මණ්ඩල 1780ක් යටතේ පරීක්ෂකවරුන් 30,000ක් පමණ ඊට සහභාගී වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version