වංචනිකව වෙළඳසැල්වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙක් රිමාන්ඩ්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙකු බව පවසමින් කළුතර, මතුගම යන ප්‍රදේශවල වෙළඳසැල්වලින් මුදල් ලබා ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන ජනවාරි මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කළ දැනුම්දීමකට අනුව අදාල සැකකරු මතුගම පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එළඹෙන උත්සව සමයේදී වෙළඳපොලේ වැඩි වශයෙන් ගැවසෙන ව්‍යාජ පුද්ගලයින් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

Exit mobile version