ගුරු අධ්‍යාපනඥයින් 35 දෙනෙක් විදේශ පුහුණුවකට

Share

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරු අධ්‍යාපනඥ සේවයේ 2000-2007 වර්ෂයන් තුළ පත්වීම් ලැබූ එහෙත් මෙතෙක් කිසිදු විදේශ පුහුණුවක් ලබා නොමැති නිලධාරීන් සඳහා විදේශ පුහුණුවකට යොමු කිරීමට අදාළ ගුවන් ටිකට් පත් ප්‍රදානය පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.
ධාරිතා සංවර්ධන විදේශ පුහුණු වැඩසටහන යටතේ තෝරාගත් මෙම ගුරු අධ්‍යාපනඥ කණ්ඩායමට නිලධාරීන් 35 දෙනෙකු ඇතුළත් වන අතර මෙම නිලධාරීන් මැලේසියාවේ උටාරා විශ්ව විද්‍යාලයේ දී ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 11 තෙක් පැවැත්වීමට නියමිත විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගීවීමට නියමිතය.
එහි සමස්ත වියදම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරනු ලබන අතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම  වෙනුවෙන් ගුරු අධ්‍යාපනඥයින්ගේ වෘත්තීය දායකත්වය අධ්‍යාපන පද්ධතියට ලබාගැනීම මෙම  පුහුණු වැඩසටහන්වල අරමුණයි.

Read more

Local News