රැදවියෙක් කුඩු සමඟ අත්අඩංගුවට

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි රැදවියෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය වෙත ඉදිරිපත් කර අැත.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 690ක් සොයාගෙන තිබෙන අතර සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

අදාල සැකකරු හෙරොයින් ළඟ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Exit mobile version