ඊයේ (22) රාත්‍රීයේ කුරුවිට බස් නැවතුම්පල අසලදී යාචකයෙකු විසින් සිදුකළ පහරදීමකින් තවත් යාචකයෙකු මියගොස් තිබේ.
අදාළ යාචකයින් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එක් යාචකයෙකු විසින් අනෙක් යාචකයාට පහරදී ඇත.
පහරකෑමෙන් තුවාල ලැබු පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කුරුවිට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



