මෙවර නත්තල් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ ජනතාව නව බලාපොරොත්තු වලින් පිඹිදෙන අසිරිමත් අනාගතයක ඇරඹුම මෙය බවයි.
නත්තලේ අපේක්ෂාව වනුයේ නව ජිවිතයත් නව උපතක් මෙන්ම සාමය හා සංහිදියාව පිළිබඳ ජේසුතුමන්ගේ සදාතන පණිවුඩය ප්‍රතිරාව නංවන ප්‍රමෝදයේ සමය ද බව ජනාධිපතිවරයා පවසයි.
ජේසු සමිදානන් සිය ජිවන සමය මුළුල්ලේ භාවිතා කළේ ප්‍රේමයෙන් උතුරා යන වදන් සමුදායක් වන අතර සතුරාට ප්‍රේම කරන්න වෛරකරන වදහිංසා පමුණුවන අයට ප්‍රේම කරන ලෙස උන්වන්සේ පැවසූ බවයි සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මේ අතර කුල මල භාෂා වෙනසකින් තොරව ශ්‍රී ලාංකිකයින්ට ද භේදනොවී සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ හැගීමෙන් ක්‍රියා කිරිමට සුදුසු අවදිය මෙය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නත්තල් දින සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නත්තල වඩා යහපත් අනාගතයක් ලෙස බලා අතීතය සිහිපත් කරන කාලය බවයි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වදන් පොතකට පමණක් සීමා වූ දෙයක් නොව මිනිසුන්ට අවබෝධ කර ගත හැකි ආකාරයේ උපදෙස් සහ සැබෑ පරිවර්තනයක් පැමිණිමේ බලාපොරොත්තුව කරා ගෙන යන ඒවා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම ලෝකය පුරා විසිරී සිටින නත්තල් උත්සවය සමරන කිතුණු බැතිමතුන් හට සුබ පැතුම් එක් කරන බව නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.



