කරුණු 3කින් අද දවස අතිසුවිශේෂ බව රංගේ කියයි

Share

අද දවස ශි‍්‍ර ලංකාවාසි ජනතාවට අතිසුවිශේෂ දවසක්. විධායක කි‍්‍රයාවලිය වාගේම රට සහ අධිකරණ කි‍්‍රයාවලිය මෙම කි‍්‍රයාවලි තුනමත් ඒ වාගේ ම රටට වු ස්වභාවික විපතට සමාන විපතක් එවකට රට පාලනය කල මහින්ද රාජපක්ෂ  මහතා විසින් සිදු කල බව  පා.ම. පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද පොළොන්නරුවේ පැවති ගොවි හමුවකදිය.

මන්ත්‍රිවරයා වැඩ්දුරටත් අදහස් දක්වමින් “මිට අවුරුදු 14කට පෙර ලංකාවට සුනාමියක් ආවා. එයින් 35.000කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වුණා. ඒ වාගේම අතුරුදහන් වුණා. රටේ දේපළ කෝටි ප‍්‍රකෝටි ගණනින් විනාශ වුණා. මේ දුක දැකපු ලෝකවාසි  ජනතාව සහ රටවල්වල නායකයෝ එවකට රට පාලනය කල මහින්ද රාජපක්ෂට දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් ලබා දිමට කටයුතු කලා. මුදල් ලබා දුන්නේ  විපතටපත් ජනතාවට උදවි කරන්න කියලා. පාලකයා මොකද කලේ ඔහුගේ පුද්ගලික ගිණුමක් ආරම්භ කලා හෙල්පින්  හමිබන්තොට කියලා. ඒ ගිණුමට ආධාර ලැබුණ මුදල් ඔක්කෝම දා ගත්තා. පස්සේ එම මුදල් ඔහුට අවශ්‍ය පරිදි වියදම් කිරිමට පටන් ගත්තා රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ මුල්‍ය ප‍්‍රතිපත්ති උල්ලංඝනය කරමින්” යැයි පැවසීය.

Read more

Local News