දේශපාලකයන් නොකළ යුතු දෙයක් ගැන කරූ කියයි

Share

පන්සල්, පල්ලි ඇතුළු ආගමික සිද්ධස්ථාන මුල් කරගනිමින් යළිත් ජාතිවාදය හෝ ආගම්වාදය පැතිරවීමට දේශපාලකයන්ට ඉඩ නොතබන ලෙස කථානායක කරු ජයසූරිය මහතා සර්ව ආගමික සමුළු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ජනතාවට පොරොන්දු වූ ආකාරයට  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොදු මහත් සමාජය පෙළගැස්වීමට දායක වන ලෙසද සියලු ආගමික නායකයන්ගෙන්, ඉල්ලා සිටින බව කරු ජයසූරිය මහතා මෙහිදී සඳහන් කර ඇති අතර, ඒ සඳහා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.

සර්ව ආගමික සමුළුවේ ප්‍රධාන නියෝජිතයන් පසුගිය දා කථානායක කරු ජයසූරිය මහතා හමු වී ඇති අතර, එහිදී පසුගිය කාලපරිච්ඡේදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කථානායකවරයා කටයුතු කළ ආකාරය පිළිබඳ මෙහිදී සර්ව ආගමික නායක නියෝජිතයන් සිය ප්‍රසාදය පළ කර තිබේ.

නිදහසින් පසු මෙරට දේශපාලනය පියවරෙන් පියවර ලැබූ ජයග්‍රහණ මෙන්ම පරාජයන් පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ.

කෙසේ වෙතත් නැවතත් ජාතිවාදී, ආගම්වාදී ප්‍රවණතා හිස එසවීමට ඇති ඉඩකඩ මුළුමනින්ම අහුරා දැමිය යුතු බවටත්, රටට හානිකර දේශපාලන අසමගිකම් දුරලීමට පියවර ගත යුතු බවටත් මෙම නියෝජිත සමුළුවට එක් වූ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියන් අවධාරණය කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට පියවර ගත් ලෙසටම කථානායකවරයා මේ සඳහාද මූලික වියයුතු බවද එහිදී උන්වහන්සේ සඳහන් කර තිබේ.

Read more

Local News