උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබුණේ සෑම වසරකම දෙසැම්බර් 28 වැනිදා උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ යුතු බවයි.

එහෙත් ප්‍රතිඵල සමාලෝචන කටයුතු අවසන් වී නොමැති බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා තවත් දින දෙක තුනක කාලයක් ගතවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

උසස් පෙළ විභාගය සඳහා පසුගිය අගෝස්තු මාසයේ සිසුන් තුන් ලක්ෂ 27,469 දෙනෙකු පෙනී සිටියේය.

Exit mobile version