චීන, ලංකා ගුවන් ගමන් සේවය අරඹයි

පසුගියදා චීනයේ චොන්ග්චින්ග් ගුවන් සේවය චොන්ග්චින්ග් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඝෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කරනු ලැබිය.

චොන්ග්චින්ග් නිරිත දිග චීනයේ විශාලතම වාණිජ සහ කාර්මික නගරයයි. එචොන්ග්චින්ග් ගුවන් තොටුපළේ සිට 12/28 දින රාත්‍රී 9.10 ට චොන්ග්චින්ග් ගුවන් සේවයේ ඕ.කිව්.- 2393 දරණ ගුවන් යානය, සිය මංගල ගුවන් ගමන සිදු කරමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

ඒ සඳහා A – 320 neo වර්ගයේ ගුවන් යානයක් , යොදවා තිබූ අතර , එහි මගීන් 152 ක් සහ කාර්යය මණ්ඩලය 11 ක් පැමිණ සිටියහ. කටුනායක ගුවන් තොටුපළේ දී මෙම ගුවන් යානයට ගුවන් තොටුපළ ගිනි නීවීම් ඒකකයේ රථ මගින් ජල ප්‍රහාර ඉසිමින් උත්කර්ෂවත් ලෙස පිළිගත් අතර , ගුවන් තොටුපළේ පැවති මෙම සමාරම්භක උත්සවය සඳහා එම ගුවන් සේවයේ උප සභාපති හී ජුන් මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක්ම සහභාගී වී සිටියහ.

12/28 දින සිට සෑම සතියකම දින තුනක් , එනම් සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල රාත්‍රී 9.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා , යළිත් එදිනම රාත්‍රී 10.10 ට චීනයේ චොන්ග්චින්ග් බලා යෑමට නියමිතය.

Exit mobile version