බිරිය සමාදානයට අකමැති වු තැන සැමියා වහ බොයි

Share

දුම්මලසුරිය පොලිස් ස්ථානය තුළදී පැමිණිල්ලක් විභාග කරන අතර තුරදී පුද්ගලයෙකු වස පානය කිරීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ දුම්මලසුරිය, වඳුරඹ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයා වසර කීපයක සිට බිරිඳ සමඟ ආරවුල් ඇතිකරගෙන සිට ඇති බවට සඳහන් වෙයි.

පසුගියදා පොලීසිය වෙත පැමිණි මියගිය පුද්ගලයා බිරිඳ සමඟ සමාදාන වීමට එකඟවී ඇති නමුත් බිරිඳ සමාදාන වීමට එකඟ නොවීම හේතුවෙන් වස පානය කර ඇති බව මියගිය අයගේ ඥාතීන් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලීසිය සිදුකරයි.

Read more

Local News