එජාපය තුල සැබෑ නායකයින් සිටින බව නලීන් කියයි

වත්මන කවුරුන් කුමන ප්‍රකාශ සිදු කළ ද රට පාලනය කළ හැකි සැබෑ නායකයින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය තුළ බව නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ඉදිරියටත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකදීය.

Exit mobile version