හෝර්ටන් තැන්නෙන් වාර්තාගත අාදායමක්

හෝර්ටන් තැන්න නැරඹීමට ඉතිහාසයේ දෙස් විදෙස් සංචාරකයන් වැඩිම ප‍්‍රමාණයක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 29 දින බවට වාර්තා වෙයි.

එදින රුපියල් ලක්‍ෂ විසිනවයක ඉතිහාසගත ආදායමක් උපයා ගත හැකි වී අැත.

‘‘මහඑළිය’’ යන නමින්ද හැදින්වෙන හෝර්ටන් තැන්න ජෛව විවිධත්වය අතින් සහ පුරා විද්‍යාත්මක අතින් සුවිශේෂි වනාන්තරයකි.

ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික උද්‍යානය හෝර්ටන් තැන්න උද්‍යානයයි. ලංකාවේ උසම තැනිතලා භූමිය වන මෙය මීටර් 1200-2300ත් අතර ප‍්‍රමාණයේ උසින් යුක්තය.

‘‘ලෝකාන්තය’’ පිහිටා ඇත්තේ ද හෝර්ටන් තැන්නේ ය.

Exit mobile version