කළුතර වෙඩික්කාරයා කොටුවේ

කළුතර , තොටුපල හංදියේදී  පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදුකළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගිනි අවියක් ද සමඟ අද(03) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ජනවාරී 01 වන දා රාත්‍රී 10.35 ට පමණ මොටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් ගාලු පාරේ හෝටලයක් ඉදිරිපිට මාර්ගයේ දී මෙලෙස වෙඩි තබා පලා ගොස් තිබිණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 57 ක් වු ගාලු පාර, කළුතර ලිපිනයේ පදිංචි දොඹගහ පතිරණගේ ෆ්‍රැට්‍රික් පීරිස් නමැති අය කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි.

කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Exit mobile version