රථ වාහන අනතුරු වැළැක්වීම සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ පරීක්ෂණ විධිමත් කිරීම පිළිබඳ යෝජනාවලියක්

“රථ වාහන අනතුරු වැළැක්වීම සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ පරීක්ෂණ විධිමත් කිරීම පිළිබඳ යෝජනාවලිය” මෝටර් රථ පරීක්ෂණ සංගමයේ ලේකම් සී.ඩබ්. මුතුකුමාරණ මහතා විසින් සම්පාදිත යෝජනාවලියක් ඇතුලත් කෘතියක් කතානායක කරු ජයසූරිය මහතා වෙත පාර්ලිමේන්තුවේ දී පිරිනැමිණි.
සිය අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ගනිමින් මෙවන් කාලෝචිත කෘතියක් රචනා කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විම විශාල ජාතික යුතුකමක් ඉටු කිරීමක් බව පැවසූ කතානායකවරයා එම කෘතිය සම්පාදනය කිරීම පිළිබඳව මුතුකුමාරණ මහතාට සිය ස්තූතිය පළ කළේය.
Previous articleවතු සේවකයින් 2864කට නව නිවාස – තෙවන අදියර
Next articleමසුන් අලෙවි කිරීමේ ජංගම සේවාවක්