වන අලියෙකුගේ පහර දීමේන් පුද්ගලයෙක් මරුට

එප්පාවල පොලිස් වසමේ මහ ඉළුප්පල්ලම ප්‍රදේශයේ දී ඊයේ(06) රාත්‍රී 7.00ත්-8.00 ත් අතර කාලයේ වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

මහ ඉළුප්පල්ලම ප්‍රදේශයේ හේනක සිට නිවසට එමින් සිටි පුද්ගලයෙකු මෙලෙස අලි ප්‍රහාරයට හසුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් වු ඉහළගම, මහ ඉළුප්පල්ම ප්‍රදේශයේ පදිංචි පුෂ්පාගේ සුද්ධා යන පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇත. එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Exit mobile version