දිවයිනේ බොහෝ පළාත්වලට තවදුරටත් වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වේ. දිවයිනවටා වන වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් කරයි.

සමහර ස්ථානවලට විශේෂයෙන් ඌව පළාතේ සමහර ස්ථානවලට මි.මී150ට ආසන්න තද වැසිද, සබරගමුව, මධ්‍යම,උතුරුමැද සහ උතුරු පළාත් වල සමහර ස්ථානවලට මි.මී. 100වැඩි තද වැසිද, ඇති විය හැක.

දිවයිනේ බස්නාහිර,සබරගමුව,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

 

Read more

Local News