පොලිස්පති රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

Share

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අද(14) පෙරවරු 09.30 ට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ, ප‍්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර කළ පැමිණිල්ලකට අදාළව පොලිස්පතිවරයා කැඳවා ඇති බවයි.

නාමල් කුමාර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන හඬපට සම්බන්ධ විමර්ශනයට අදාළව එම පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.

එහිදී පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල ලබා ගැනීමට ද කටයුතු කරන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

Read more

Local News