මුදල් වංචා කල විදේශිකයෙකු මාට්ටු වෙයි

රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කළ විදෙස් ජාතිකයෙකු හැඳල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් අත්අඩංගුවට ගත් සැකකරු විසින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර අැත.

30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර එම නඩුව යළි පෙබරවාරි මස 04 වනදා කැඳවීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

Exit mobile version