මුහුදු අශ්වයින් සමඟ 2ක් අත්අඩංගුවට

Share

ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ වියළි මුහුදු මත්ස්‍ය කොටස් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කල්පිටිය, උච්චමුණිය දූපතේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

එහිදි ඔවුන් සතුව තිබී වියළන ලද මුහුදු අශ්වයින් කිලෝග්‍රෑම් 130ක් සහ මෝරවරල් කිලෝග්‍රෑම් 500ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය, පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

ඔවුන් අද(15) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News