කුඩු සමඟ තරුණයෙක් අත්අඩංගුවට

බදුල්ල නගරයේ ප්‍රධාන පෙලේ පාසක් ඉදිරිපිටදී හෙරොයින් සමඟ තරුණයෙකු අද(16) අත්අඩංගුවට ගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් පොලිස් විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

ඔහු සතුව තිබි හෙරොයින් මිලි ග්‍රෑම් 2415ක් සොයා ගෙන ඇති බව පොලීසිය පැවසිය.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙක් වෙයි.

ඔහු පාසැල් දරුවන් ඉලක්ක කර හෙරොයින් විකිනීම සඳහා පාසැල් අවට සැරිසරන බවට සිදුකළ විමර්ශන වලදී අනාවණය වී තිබේ.

සිද්ධිය සම්බන්දයෙන් බදුල්ල දිස්ත්‍රික් පොලිස් විෂ මත්ද්‍රව්‍ය  වැටලීම් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version