පුරාවස්තු කැණිම් කළ 3කට වැඩ වරදී

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ, ඌරගහ, ගල්පර වත්ත ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් කැණිම් සිදු කළ පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඌරගස්මංහන්දිය හා කුඩා ඌරගහ ප්‍රදේශවල පදිංචි අවුරුදු 47, 58 හා 62 හැවිරිදි පුද්ගලයින් බවයි සඳහන් වන්නේ.

ඔවුන් ඊයේ(17) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඌරගස්මංහන්දිය පොලීසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version