අනතුරකින් 6ක් මරුට (ඡායාරූප)

අද (20) අළුයම 3.15ට පමණ වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම පාලම අසලදී හලාවත දෙසට ධාවනය වූ කාර් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ මාළු ලොරියක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් කාර් රථයේ රියදුරු ඇතුළු ගමන්කළ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව සහ මාරවිල රෝහල් වෙත ඇතුලත් කිරීමෙන් පසු 06 දෙනෙකු මියගොස් තිබේ.

තුවාලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලේ සහ එක් අයකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

මෘත ශරීර 04ක් මාරවිල රෝහලේද 02ක් මීගමුව රෝහලේද තැන්පත් කර තිබේ.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version