මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟින් දියත් කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක් වන ”සියපත් සෙවණ” මහල් නිවාස සංකීර්ණය දෙවන අදියර ඊයේ(22) ජනතා අයිතියට පත් කෙරුණී.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දෙමටගොඩ නිවාස සංකීර්ණය මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි.
නිවාස ඒකක 266කින් යුත් මෙම නිවාස සංකීර්ණය සඳහා ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 1064ක් වැය කොට තිබේ.