දියේ ගිලී විදෙස් ජාතිකයෙක් මරුට

අළුත්ගම, මොරගල්ල මුහුදු තීරයේ දිය නෑමට ගිය 58 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

ඊයේ(22) පස්වරුවේ මුහුදේ දිය නෑමට ගිය මෙම පුද්ගලයා දියේ ගිලී අනතුරට ලක්ව ඇත.

ඔහුව බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අළුත්ගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version