නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904ක් බඳවා ගැනීම 2017 නොවැම්බර් මස 15 වන දින සිදු කිරීමට නියමිත අතර එම පත්වීම් ලබන සියලු සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ‘නායකත්ව පුහුණුවක්’ ලබාදීමට සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.
මෙහි පරමාර්ථයන් නම් නායකත්ව ගුණාංග, සමාජ විනය හැඩගැස්වීම, නිපුණතා සංවර්ධනය, අභියෝග ජය ගැනීමට අවශ්‍ය මානසික සූදානම ඇති කිරීම, නිවැරදි සමාජ අපේක්ෂාවන් ජනිත කිරීම, වෘත්තීය මාර්ගෝපදේශනය, මානසික සමතුලිතතාව ආදී වර්ධනය කිරීම තුළින් සමෘද්ධි සංකල්පයෙහි අභිමථාර්ථ සාධනයට දායක කරගැනීමයි.
මෙම නායකත්ව පුහුණුව නොවැම්බර් 20දා සිට දිවයින පුරා යුද හමුදා මධ්‍යස්ථාන කිහිපයක දී පැවැත්වීමට නියමිතය.