පාකිස්තාන ජාතිකයන් 02ක් හෙරොයින් සමග අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග්‍රෑම් 07.766ක් සමග පාකිස්තාන ජාතික සැකකාරියක් හා සැකකරුවෙක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුහු අද දිවයිනට පැමිණීමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර තිබේ. සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.