රාජ්‍ය ‍ඔෟෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල් වලින් නොමිලේ ඔෟෂධ

Share

රජයේ ඔෟෂධවේදීන්ගේ සංගමය අද (01) දීප ව්‍යාප්තව දියත් කර අැති වැඩවර්ජනය හේතුවෙන් රෝගී ජනයාට සිදුවන අපහසුතාවය මගහැරවීම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ‍ඔෟෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල් වලින් නොමිලේ ඔෟෂධ නිකුත් කිරිමට කටයුතු යොදා අැත.

රජයේ රෝහල්වලින් බාහිර හෝ අභ්‍යන්තර ප්‍රතිකාර ලබා ගත් රෝගීන්ට වෙෙද්‍යවරයා නිකුත් කළ ඔෟෂධ වට්ටෝරුව ඔසුසල්වලට ඉදිරිපත් කිරීමෙන් මෙලෙස නොමිලේ ඔෟෂධ ලබා ගැනීමට හැකියාව අැති බව රාජ්‍ය ‍ඔෟෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

Read more

Local News