සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන අයෙක් සියදිවි හානි කර ගනී

දෙහිවල ප්‍රදේශයේ දී අද(29) උදෑසන පුද්ගලයෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බවට වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

පුද්ගලික කාරණයක් හේතුවෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

මෘත ශරීරය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version