අද, හෙට සුළං වැඩිවෙයි

අද(30) සහ හෙට(31) දිනයේදී දිවයින හරහා සුළගේ වේගය (පැ.කි.මී. 50දක්වා) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය (පැ.කි.මී. 60-70දක්වා) වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.

උතුරු පළාතේ සහ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක් පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version