ඔස්ට්‍රේලියානු අගමැති අද ශ්‍රී ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකා සංචාරය අාරම්භ කරමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (02) කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට ලගා විය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියානු රාජ්‍ය තාන්ත්‍රික සබදතා අාරම්භ වී වසර 70ක් පිරීම නිමිත්තෙන් ය.

ඔස්ට්‍රේලියානු ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ ය.  අග්‍රාමාත්‍යවරයා පැය හතරක කාලයක් ශ්‍රී ලංකාවේ රැදි සිටින අතර ඒ කාල සීමාව තුළ ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමටත් නියමිතය.

Previous articleඡන්ද විමසීම ජනවාරි 20-31ත් අතර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක දී පැවැත්විමට තීරණයක
Next articleරාජ්‍ය නත්තල් උත්සවය මේ වසරේ ත්‍රිකුණාමලයේ දී