රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමෙන් පෙන්වා දෙන්නේ, යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවයි.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



