රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතාට එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කමිටුවේ උප සභාපති ධූරයක්

ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතාට එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කමිටුවේ උප සභාපති ධූරය හිමිව තිබේ.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කොමිසමේ ආසියානු හා පැසිෆික් කලාපීය සමුළුව මෙම දිනවල තායිලන්තයේදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේන්සිංහ මහතා මෙම සමුළුවට සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කමිටු උප සභාපති ධූරයට තේරී පත්විය. සේනසිංහ මහතා මෙම ධූරය සඳහා මියන්මාර රාජ්‍ය නියෝජිතයා විසින් යෝජනා කළ අතර එය සොලමන් දූපත් රාජ්‍ය විසින් ස්ථිර කළේය.

මෙම සමුළුවේදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ආසියා පැසිෆික් වෙළඳ හා ආයෝජන වාර්ථාව  ඉදිරිපත් කිරීමේ සභිකයෙකු ලෙසද කටයුතු කළේය.