ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා දූෂණ සොයන ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කරයි

ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මැයි මස 30 වනදා දක්වා දීර්ඝකර තිබේ.

මෙම කොමිසමේ නිල කාලය අවස්ථා කිහිපයකදී දීර්ඝ කෙරුණු අතර එය අවසන්වීමට තිබුණේ ලබන 15 වනදායි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කොමිසම පසුගිය වසරේ පිහිටවූයේ ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවාවලත් ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේත් සිදුවී ඇති බව පැවසෙන වංචා දූෂණ හා අක්‍රමිකතා සෙවීමටයි.

Exit mobile version