Home දේශීය පුවත් ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී 2ක්ට තුවාල

ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී 2ක්ට තුවාල

0
ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී 2ක්ට තුවාල

නාවලපිටියේ සිට නාවලපිටිය මාපකන්ද දක්වා ධාවනය වු ලොරි රථයක් ෆයිනස් වගා රක්ෂිතයේ අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් අනතුරක් සිදුවී තිබේ.

එම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසුවේ.

ඊයේ(10) රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය මාපකන්ද ප්‍රධාන මාර්ගයේ මාපකන්ද පන්විල හන්දිය ප්‍රදේශයේදිය.

අවමංගල උත්සවයකට සහභාගි විම සඳහා ලොරි රථය ධාවනය කරවන අවස්තාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථයකට ඉඩ ලබදිමට යාමේදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

අනතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදු වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here