ගංජා ප්‍රවාහනය කළ 2ක් අත්අඩංගුවට

නොච්චියාගම, හල්මිල්ලකුලම් ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නොච්චියාගම පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

එහිදී ඔවුන් සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 240ක් පොලිසිය බාරයට ගෙන තිබේ.

සැකකරුවන් මීරිගම සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි 30 හැවිරිදි සහ 40 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(13) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version