දිවයිනේ බොහෝ පළාත්වලට තවදුරටත් වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි.

දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අනෙකුත් ප්‍රදේශ වලට විශේෂයෙන් සවස 2.00 පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

සමහර ස්ථාන වලට, විශේෂයෙන් ම උතුරු, නැගෙනහිර, ඌව, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් කළුතර දිස්ත්‍රික්කයේත් පැය 24ක් තුළ මි.මී100ට වැඩි තද වැසි ද ඇති විය හැක.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල සමහර ප්‍රදේශ වල උදය කාලයේ දී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

Read more

Local News