ස්වයං රැකියා උපකරණ කට්ටල පොළොන්නරුව ජනතාවට

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිලාභීන් 1012 දෙනෙකු සඳහා ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය කිරීමට ඊයේ (04) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවත්විණි.
“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 92 ක් වැය කරමින් මෙම උපකරණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ 2017 වර්ෂයේ ප්‍රතිලාභින් 3264 දෙනෙකු වෙනුවෙන් ස්වයං රැකියා උපකරණ කට්ටල ඛෙදාදීම ඉලක්කය වන අතර, ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 371 කි.
Previous articleඅමරදේවයන් සමුගෙන වසරක් නිමිත්තෙන් ජනපති අමරදේව නිවසට
Next articleඅත්තනකඩවල මිහිදු ජයන්ති පිරිවෙණේ පිරිවෙන් ශාලාව ජනපති විවෘත කරයි